මුදල් අමාත්‍යවරයා හා සෞඛ්‍ය අමාත්‍යවරයා සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද මධ්‍යම රාත්රියේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
අයවැය තුළින් සෞඛ්‍ය සේවාව හා පාසල් සෞඛ්‍ය සේවාව කප්පාදු කිරීමට සිදුකර තිබෙන යොජනා හකුළා ගන්නා ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (30දා) උදේ 8.00 සිට අද (01දා) උදේ 8.00 දක්වා කාලය තුළදී රජයේ රෝහල් තුළ වෛද්‍ය වැඩවර්ජනයක් දියත් කෙරිණි.
අදාළ ගැටලු පිළිබඳව අද (02දා) උදේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක්ද පවත්වා තිබේ.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව අදාළ ගැටලුව විසඳා ගැනීම සඳහා මෙම හමුව සැලසුම් කර තිබේ.