www.ada.lk
2026 අප්‍රේල් මස 01 වන බදාදා
විදේශ පුහුණුව නිම කර ශ්‍රී ලංකාවට පැමිණි වෛද්‍යවරු සහ ස්ථාන මාරු නියෝග ලබා පැමිණි වෛද්‍යවරුන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී මෙතෙක් අධ්‍යාපන අමාත්‍යාංශය ලබා දුන් විශේෂ අනුග්‍රහය මෙවර ලබානොදීමට විරෝධය පළ කරමින්රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෝ පිරිසක් අද (22දා) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයකනිරත වූහ.
මේ සඳහා දිවයින පුරා වෛද්‍යවරු 200ක් පමණ සහභාගී වූ අතර විරෝධතාව අතරතුර අධ්‍යාපන ලේකම්වරයාගෙන් සාකච්ඡාවක් සඳහා ආරාධනා ලැබීමෙන් පසු උද්ඝෝෂකයන් හා ලේකම්වරයා අතර සාකච්ඡාවක් පැවැත්විණි. මෙම සාකච්ඡාව අතරතුර උද්ඝෝෂකයන් විසින් තමන්ට සිදුවී ඇති අසාධාරණය පෙන්වා දුන් අතර, අමාත්‍යාංශ නිලධාරීන් විසින් තමන්ට ඇති ප්‍රා‘යෝගික ගැටලු පෙන්වා දෙන ලදී.
කෙසේ වෙතත් අවසන් තීරණය ගැනීම සඳහා ඉදිරි දින කිහිපය තුළ අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ප්‍රකාශකයෙක් පැවසීය.
popular news
වියළි කාලගුණයේ වෙනසක් ලබන 2 දා සිට
RMV ලොක්කා අත්අඩංගුවට
ඇමෙරිකා හමුදාවන් එනතෙක් ඉරානය බලාගෙන ඉන්නවා
පැය කිහිපයක් තුළ කුවේටයේ දෙවැනි වරායටත් මිසයිල ප්‍රහාරයක්
කොත්මලේ සිදෙයි
ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන දෙකකට ප්‍රහාර
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd