රුපියල් මිලියන 600 ක මූල්‍යමය වංචාවක් සඳහා අත්අඩංගුවට ගෙන මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත නිදහස් කළ හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් නොකිරීමෙන් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය උසාවි ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කර ඇතැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (08දා) ප්‍රකාශ කළේය.
ඒ අනුව මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති, නියෝජ්‍ය පොලිස්පති හා බස්නාහිර පළාත් සහකාර පොලිස් අධිකාරිට නොවැම්බර් මස 05 දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කළේය.