සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ ෆේස්බුක් හරහා ව්‍යාපාරිකයන් රවටා මුදල් වංචා කළ නයිජීරියානු ජාතිකයින් 10 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වංචා කර ඇති මුදල කෝටි 2කට ආසන්න බව පොලීසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ව්‍යාපාරිකයන් ෆේස්බුක් හරහා හඳුනාගෙන ඔවුන්ගෙන් මුදල් සිය ගිණුම්වලට බැර කර ගැනීමට මෙම නයිජීරියානු ජාතිකයන් කටයුතු කර තබේ.
ඉගෙනීමට හා ව්‍යාපාරික කටයුතු පැමිණි නයිජීරියානු ජාතිකයන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුහු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළැඹෙන 02දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.