ෆේස්බුක් නිර්මාතෘ මර්ක් සකර්බර්ග් හා ට්විටර් ප්‍රධාන විධායක ජැක් ඩෝසි වෙත IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගෙන් මරණ තර්ජන එලල්වීමත් සමග ඔවුන්ගේ ආරක්ෂාව තර කර ඇත.
විදෙස් වාර්තා පවසන පරිදි සකර්බර්ග්ගේ නිවස වඩා පෞද්ගලික ආරක්ෂකයන් 15කට වැඩි පිරිසක් යොදා ඇති අතර, ඔහු උදෑසන ව්‍යායාම් සඳහා දිවයන විටද ඔහු වටා ආරක්ෂකයන් 5 දෙනෙකු දිවයන ආකාරය දැකගන්නට ලැබී තිබේ.
ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් විසින් මීට දින කිහිපයකට පෙර ෆේස්බුක් හා ට්විටර් ප්‍රධානීන් වෙත මරණ තර්ජන එල්ල කරමින් විනාඩි 25ක වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැර තිබුණි.
එම සමාජජාල අඩවි මගින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මැඬලීමට පසුගියදා පියවර රැසක් ගෙන තිබූ අතර, අයි.එස්. ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන්ගේ ෆේස්බුක් හා ටිව්ටර් ගිණුම් අත්හිටුවීම, එකී ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කෙරෙන ප්‍රකාශ එම ගිණුම්වලින් ඉවත් කිරීම ආදී ක්‍රියාකාරකම් මෙසේ ඔවුන්ගේ උදහසට ලක්ව ඇති බව කියැවෙයි.