සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සාමාජිකයන්ගේ අ.පො.ස. උසස් පෙළ සමත් වන දූ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා එක් අයෙකුට රු.12,000/- ක් බැගින් ලබාදෙන මූල්‍යාධාර යෝජනා ක්‍රමය සඳහා රු.16,128,000/- ක් ලබාදීම පසුගියදා සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේදී සිදුවිය.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති මහින්ද මඩිහහේවා මහතා සඳහන් කළේ මෙම මුදල් 2013 වර්ෂයට අදාළ අ.පො.ස. උසස් පෙළ සමත් දූ දරුවන් 1,344 දෙනෙකුට ශිෂ්‍යත්ව ලබාදීම සඳහා යොදවන බවයි.