සේවක අර්ථසාධක අරමුදල තවදුරටත් ද්විතියික වෙළෙඳ පොළ තුළ ගනුදෙනු සඳහා ඉදිරිපත් නොකරන බව මහබැංකු අධිපතිවරයා පවසයි. හෙතෙම මේ අදහස් පළකෙළ්, අද (29දා) පෙරවරුවේ මහබැංකුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.
මුදල් මණ්ඩලයේ තීරණයට අනුව පසුගිය ඔක්තෝබර් මාසයේ සිට සේවක අර්ථසාධක අරමුදල ද්විතියික වෙළෙඳ පොළ තුළ ගනුදෙනු නොවන බවත්, ප්‍රාථමික වෙළෙඳ පොළ තුළ පමණක් ක්‍රියාකාරී වූ බවත් අධිපතිවරයා පවසා සිටියේය.
කෙසේ වෙතත් මේ තත්ත්වයට පියවරක් ලෙස ආයෝජන කමිටුවක් පත්කර ඇති බවත්, ඔවුන් මේ අරමුදල පිළිබඳව දිනපතා රැස්වී සිදුකළ යුතු පියවරයන් සහ ගත හැකි තීරණ පිළිබඳව අධ්‍යයනය කරන බවද ඒ මහතා සඳහන් කළේය.
මෙම අරමුදලේ මුදල් රජයේ බැංකු තුළ ස්ථාවර තැන්පතු විදියට තැන්පත් කිරීම සම්බන්ධයෙනුත් අවධානය යොමුව ඇතැයිද මෙහිදී අනාවරණය කෙරිණි.