සේවක භාරකාර අරමුදල සහ සේවක අර්ථසාධක අරමුදල එක් කිරීමට අදාළව සාකච්ඡා කිරීමට ආණ්ඩුවට විරුද්ධ වෘත්තිය සමිතිවලට ආරාධනාවක් නොකළ බව වෘත්තීය සමිති මාධ්‍ය මණ්ඩලයේ ලේකම් සෝමවීර චන්ද්‍රසිරි මහතා පැවසීය.
අරලියගහ මන්දිරියේදී අද (16දා) පැවැති එවැනි සාකච්ඡාවකට රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් පිරිසක් සහභාගි කරවාගෙන ඇතැයි හෙතෙම කීය.
බොරැල්ල ඇන්.එම්.පෙරේරා කේන්ද්‍රයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී හෙතෙම මේ බව සඳහන් කළේය.