විශ්වවිද්‍යාල පද්ධතියේ මතුව ඇති ගැටලු පිළිබඳව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සහ අන්තර්විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අතර හෙට (13දා) සාකච්ඡාවක් පැවැත්වේ.
අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා විසින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය රංගික හල්වතුර මහතාගෙන් කළ ඉල්ලීමක් මත මෙම සාකච්ඡාව යොදාගෙන තිබේ.
විශ්වවිද්‍යාල පද්ධතියේ නිර්මාණය වී ඇති නවක වදය, ශිෂ්‍ය අයිතීන් කප්පාදු කිරීම, ශිෂ්‍යයන් හා ආචාර්යවරුන් අතර ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වීම, හදිසියේ විශ්වවිද්‍යාල වසා දමාදැමීම ආදී ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව රංගික හල්වතුර මහතා පවසා සිටියේය.