ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ අයිතිවාසිකම් හා වරප්රසාද අහිමි කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කටයුතු කර තිබෙන බැවින්, තමා බලයට පත් වී පැය කිහිපයක් ඇතුළතදී ඔහුගේ අයිතිවාසිකම් ලබාදීමට කටයුතු කරන බව පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.
ඒ අනුව යුද හමුදාපතිවරයා ලෙස සරත් ෆොන්සේකා මහතාට හිමිව තිබූ වරප්රසාද, ජෙනරාල් ධුරය, සම්මාන යළි ලබාදෙන බවත්, යුද හමුදාපතිවරුන්ගේ නාමලේඛනයට ඔහුගේ නම ඇතුළත් කරන බවත් පැවසූ මෛත්රීපාල සිරිසේන මහතා, ඔහුට ප්රජා අයිතිය ලබාදෙන බවද කියා සිටියේය.
යුද්ධය පැවැති අවසන් සති දෙකේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්රී ලංකාවේ නොසිටි බවත්, එවකට වැඩබලන ආරක්ෂක ඇමතිවරයා ලෙස තමා කටයුතු කළ බවත් ඒ මහතා පැවසීය.
ඒ අයුරින් වැඩබලන ආරක්ෂක ඇමතිවරයා ලෙස අවස්ථා 3 කදී තමා කටයුතු කර තිබෙන බවද මෛත්රීපාල සිරිසේන මහතා ප්රකාශ කළේය.