ජනපති සමාව හිමිවූ හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතාට අහිමි වූ සියලු හමුදා පදක්කම් ඇතුළු නිලයන් සියල්ලම නැවත ලබාදුන් බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව ඔහු තරු හතරේ ජනරාල්ධුරයටත්, සියලු පදක්කම් හා විශ්‍රාම වැටුප මෙන්ම අනෙකුත් ගෞරව හිමිවූ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
හිටපු යුද හමුදාපතිවරයාගේ හමුදා පදක්කම් හා නිලතල 2010 වසරේදී අහිමිකරන ලදි.
රණ වික්‍රම පදක්කම, රණ ශූර පදක්කම, විශේෂ සේවා විභූෂණය, උත්තම සේවා පදක්කම ඇතුළු සියලුම පදක්කම් ඔහුට ලැබී තිබේ.