උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසදුම් සෙවීම පිණිස බලය විමධ්‍යගත කෙරෙන ෆෙඩරල් ක්‍රමයකට යාම තම අපේක්ෂාව බවත් උතුරු පළාත් සභාවට සියලු බලතල ලබාගැනීමට කටයුතු කරන බවත් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්රකාශනය එළි දක්වමින් එහි නායක ආර්.සම්බන්ධන් හිටපු මන්ත්‍රීවරයා ඊයේ (25 දා) යාපනයේදී පැවසීය.
ප්‍රතිපත්ති ප්රකාශනය එළිදැක්වීමෙන් පසුව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් කියා සිටියේ උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ වන අන්දමට දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසදීමට බලය බෙදාහැරෙන ෆෙඩරල් ක්‍රමයකට යාම දෙමළ ජාතික සන්ධානය තම ප්‍රතිපත්ති ප්රකාශනයෙන් අපේක්ෂා කරණ බවයි.
මැතිවරණය අවසන් වනතුරු කවර පක්ෂයක් සමග හෝ සාකච්ඡා නොකරන බවත් බලයට පත්වන රජය සමග සාකච්ඡා කොට දෙමළ ජාතික සන්ධානය අපේක්ෂා කරන දේවල් ලබාදෙන්නේ නම් පමණක් පත්වන රජයට සහය ලබාදෙන බවද සුමන්තිරින් මහතා පැවසීය.