සම්පූර්ණ මුහුණු ආවරණ සහිත හිස්වැසුම් භාවිත කිරීමට නොහැකි ආකාරයට 1992 වසරේදී නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.
මේ අනුව පොලිස් බලප්‍ර‘දේශ අනුව සිදුවී තිබෙන යතුරුපැදි අනතුරුවලදී සම්පූර්ණ මුහුණු ආවරණය සහිත හිස්වැසුම් පැලඳ සිටි යතුරුපැදිකරුවන්ට සිදු වී ඇති අනතුරු සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශය තොරතුරු රැස් කරමින් සිටියි.