"ෆුල් ෆේස්" හෙල්මට් තහනම් කිරීමට පොලීසිය ගෙන ඇති තීරණයට විරුද්ධව අනුරාධපුර නගරයේ යතුරු පැදි කරුවන් 50 කට ආසන්න පිරිසක් අනුරාධපුර මහජන පුස්තකාලය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ අද (5 දා ) උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවුහ.
සමාජ වෙබ් අඩවියක් ඔස්සේ සංවිධානය වූ තරුණයන් පිරිසක් මෙසේ විරෝධතාවයක නිරත වු අතර පසුව මොවුන් හෙල්මට් පැළඳ, විරෝධතා පුවරු අතැතිව, සටන් පාඨ කියමින් පා ගමනින් අනුරාධපුර නව බස් නැවතුම්පල වෙත ගොස් උත්ඝෝෂණයේ නිරතවිය
පොලීසිය විසින් පසුගිය 02 දා සිට ෆුල් ෆේස් හෙල්මට් භාවිතය තහනම් කල අතර ඉන් අනතුරුව අධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගයකට අනුව අප්‍රේල් 28 දක්වා එම නිතීය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවන ලදී.