ෆුල් ෆේස් හෙල්මට් තහනමට එරෙහිව නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගය අද(20 දා) ජූලි මස දහතුන දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කරන ලදී.
අදාළ පෙත්සම අද සැලකිල්ලට ගත් අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ සහ එස්. තුරේරාජා යන විනිසුරුවරුන් මෙම තීරණය ලබාදෙන ලදී.