ෆුල් ෆේස් ගැන ඇමති හැරිසන්ගෙන් අමුතු කතාවක්
“පහුගිය ආණ්ඩුවෙ සමහර දේශපාලකයො හිටියා, අද ඒගොල්ලන්ට ගම්වලට යන්න බෑ. ඒගොල්ලන්ට ගම්වලට යන්න තිබිච්ච හොඳ ම ක්‍රමය තමයි අර ෆුල්ෆේස් හෙල්මට් එක. මං අහගෙන දැන් ඒකත් තහනම් කරන්න කියල ඉල්ලීමක් කරනවා. හැබැයි ඒකත් තහනම් කෙරුවොත් වැඩියෙන් ම හානි වෙන්නෙ, අර පහුගිය ආණ්ඩුවෙ හිටපු හොරකම් කරපු, වංචා කරපු, දූෂණය කරපු මැති ඇමතිවරුන්ට තමයි . යැයි මාජ සේවා, සුබසාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පැවැසිය.
මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැති මිහින්තලේ වකුගඩු රෝගීන්ට රු. 3,000/-ක මුදල් ආධාර පිරිනැමීමේ උත්සවයට සහභාගි වෙමින් ඔහු මෙම අදහස් පැවැසීය.
තවදුරටත් අදහස් දැක්වූ පී. හැරිසන් මහතා.
"ඒගොල්ලන්ට යන්න තිබිච්ච එකම ක්‍රමය තමයි ෆුල්ෆේස් හෙල්මට් එක. මොකද, ජනතාව ඒගොල්ලන්ව ප්‍රතික්ෂේප කරල ඉවරයි. ඒ හෙල්මට් තහනම කරන්න පටන් ගත්තොත් ඒ අයටත් ලොකු අසාධාරණයක් වෙනවා. ඒක නිසා ෆුල්ෆේස් හෙල්මට් තහනම් කිරීමට අපිත් සම්පූර්ණයෙන් ම විරුද්ධයි කියන එකත් මම මේ අවස්ථාවේ දී මතක් කරනවා." යැයි පැවැසීය.
.jpg)
.jpg)
සංජිව රත්නායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

