ඖෂධ අලෙවිසැල් ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
සමස්ත ලංකා ඔසුසැල් හිමියන්ගේ සංගමය සංවිධානය කළ ඖෂධ ශාලා හිමියන් සහ ඖෂධවේදීන් දැනුවත් කිරීමේ රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය.
ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය හරහා දිවයින පුරා පිහිටි ඖෂධ අලෙවිසැල් පිළිබඳව සංගණනයක් සිදුකිරීමෙන් අනතුරුව ලියාපදිංචිය පිළිබඳ තීරණයක් ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.
එහිදී ඖෂධ ශාලා හිමියන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදෙන බවත්, ඖෂධවේදීන් නොමැතිව පවත්වාගෙන යන ඖෂධ ශාලා කෙරෙහි නිසි ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.
මේ අවස්ථාවට කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය උදය රත්නායක, ප්‍රධාන ආහාර සහ ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා, සමස්ත ලංකා ඔසුසල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.