වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති හිටපු බන්ධනාගාර කොමසාරිම් එමිල් රංජන් ළමාහේවා හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව යළිත් මැයි 22 දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්තාත් රංග දිසානායක මහතා අද (08දා) නියෝග කළේය. ඒ ඔවුන් නැවතත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.