වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව හා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙක් වන රන්ජන් ළමාහේවා යන සැකකරුවන් එළැඹෙන 10 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (29දා) නියෝග කළේය. 2012 වසෙර්දී සිදුවූ මෙම සිදුවිමෙන් රැඳවියන් 27 දෙනෙක් ඝාතනය වූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම පරීක්ෂණ සිදුකරයි.