පසුගිය වසරේදී ළමා හා කාන්තා හිංසන 70,000 ක් වාර්තා වුවද, ඊට එරෙහිව නඩු පැවරීම් සිදුව ඇත්තේ 713 ක් පමණක් බව ළමා කටයුතු පිළිබඳ ඇමතිනී රෝසි සේනානායක මහත්මිය පැවසීය.
කොළඹ පදනම් ආයතනයේදී එම අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් අමතමින් ඇය මේ බව පැවසුවාය.
මින් ඉදිරියට ළමා හිංසන සිදුකරන කිසිවෙකුට ඇප ලබානොදීමට නීති සම්පාදනය කරන බවද එහිදී ඇය සඳහන් කළාය.
මවක වශයෙන් ළමා හිංසන තමන්ට කිසිසේත් දරාගත නොහැකි බවත්, ළමා හිංසනවලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, ළමා කටයුතු පිළිබඳ නිලධාරීන් තවදුරටත් දැනුවත් කරන බවත් ඇය ප්‍රකාශ කළාය.