ළමා රෝග සඳහා ප්‍රතිකාර කිරීමේ වයස් සීමාව අවුරුදු 14 සිට 16 දක්වා වැඩිකිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කළේය.
ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ලෙස පත්වූ විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් කොළඹදී පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මෙම යෝජනාව මෙලෙස ඉදිරිපත් කළේය.
"දැනට ළමා රෝහලට ඇතුළු වන වයස අවුරුදු 14ට අඩු දරුවන් පමණයි ප්‍රතිකාර ලබාදෙන්නෙ. එම වයස් සීමාව 16 දක්වා වැඩිකිරීමට මම යෝජනා කරනවා. ඒ සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේද සහයෝගය මම බලාපොරොත්තු වෙනවා."