ළමා රක්ෂක අධිකාරියට නව සභාපතිවරියක හා උප සභාපතිවරයෙකු නිල වශයෙන් නම් කිරීමට නියමිත බව ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.
ඒ අනුව නතාෂා බාලේන්ද්‍ර මහත්මිය නව සභාපතිනිය ලෙස පත්වනු ඇත. ඇය ශ්‍රී ලංකාවේ මූලික අධ්‍යාපනය හදාරා ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබා ඇත. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධීය හදාරා ඇති ඇය ළමාරක්ෂක කටයුතු හා කාන්තා හිංසන පිටුදැකීම සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය හා එක්ව ක්‍රියාකාරීව දායක වූ තැනැත්තියකි.
එසේම උප සභාපති ලෙස නීතිඥ සජීව සමරනායක මහතා පත්කෙරෙනු ඇති අතර, ඔහු මීට ප්‍රථම ළමාරක්ෂක අධිකාරියේ සේවය කළ අයෙකු සේම UNISEF ආයතනය හා එක්ව ළමා ආරක්ෂාව වෙනුවෙන් විශාල සේවාවක් කළ පුද්ගලයෙකි.