ශ්‍රී ලංකාවේ ළමානිවාස පිළිබඳව හා ඒවායේ සිටින ළමයින් පිළිබඳව වාර්ෂික තොරතුරු හා දත්ත වාර්තා සකස් කිරීම 2012 වසරේ සිට නැවතී තිබීම නිසා පරිවාස හා ළමාරක්ෂණ අධිකාරියේ නිලධාරීන් අපහසුතා රැසකට මුහුණ පා තිබෙන බවත්, රටේ එවැනි දරුවන්ගේ තත්ත්වය මැන බැලීමට නොහැකි තත්ත්වයකට පත් වී ඇතැයි සමස්ත ලංකා පරිවාස නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඒ.එච්.එම්. ජයසිංහ මහතා පැවසීය.
එමෙන්ම ළමා නිවාසවල සිටින දරුවන්ට තවත් පිරිස් හා සංවිධාන පවුල් ඒකක හරහා දාන පරිත්‍යාගය වහාම නතර කොට එම දරුවන්ගේ සුරක්ෂිතතාව ආරක්ෂා කළ යුතු බව ඔහු අවධාරණය කළේය.
සේයා සදෙව්මි දැරියගේ ඝාතනයත් සමග ළමයින් ආරක්ෂා කරන බවට මොරදුන් බොහෝ සංවිධාන හා වගකිව යුතු නිලධාරීන් දැනට නිහඬ වී ඇති බවද ඒ මහතා පැවසීය.