ළමා ආරක්ෂණ අධිකාරියේ 1929 දුරකථන අංකයට දෛනිකව ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ විෂය පථයට අදාළ නොවන ඇමතුම් බව නිවේදනයක් නිකුත්කරමින් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසයි.
ඒ අතර පාසල් වලට ළමුන් ඇතුළත් කිරීමේ ගැටලු, ඉඩම් පිළීබඳ ගැටුලු, මූල්‍යාධාර ලබාගැනීම, ජාත්‍යන්තර පාසල් වලට ගාස්තු ගෙවීමට අදාළ ප්‍රශ්න, නිවාස ප්‍රශ්න මෙන්ම උපකාරක පන්ති වලට ගාස්තු ගෙවීමට අදාළ ගැටලුද වූ බව ළමා ආරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.
එම හේතුවෙන් අධිකාරිය දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති අතර ළමා අපයෝජනයන්ට අදාළ පැමිණිලි පමණක් 1929 දුකරථන සේවය හරහා ලබාදෙන මෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කරයි.