ශ්‍රී ලංකාව තුළ ළමුන්ට එරෙහිව සිදුවන ළමා ලිංගික අපයෝජන සහ ප්රචණ්ඩත්වය පිටුදැකීම වෙනුවෙන් ‘ඇඟිලි සලකුණ’ ජාතික සන්නිවේදන ව්‍යාපෘතිය අද (30දා) ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේදී ආරම්භ විය.
ළමා කටයුතු අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය යන අමාත්‍යාංශ සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, ශ්‍රී ලංකා පොලීසිය, ශ්‍රී ලංකා ළමා රෝග පිළිබඳ වෛද්‍ය විද්‍යාලය, අධිකරණ වෛද්‍ය නිලධාරීන්, බාල දක්ෂ සේවා පූජ්‍ය පක්ෂය හා සිවිල් සමාජ කණ්ඩායම් එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන ශ්‍රී ලංකා රජය හා යුනිසෙෆ් සංවිධානය එක්ව ක්‍රියාත්මක කරයි.
ළමා ලිංගික හිංසනයකදී පළමුව දරුවා ළඟම රෝහල වෙතටත්, දෙවනුව ළඟම පොලීසිය දැනුම්වත් කිරීමත්, තෙවනුව ළමා රක්ෂණ අධිකාරියේ හදිසි ඇමතුම් අංකය වන 1929 ඇමතීමත් යන පියවර ක්‍රියාත්මක කරමින් ළමා අපයෝජනයට තිත තැබීම මෙම වැඩසටහනේ අරමුණ වේ.