ළමයින් ශ්‍රමිකයන් ලෙස භාවිත කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.
ඒ අනුව යම් පුද්ගලයෙකු විසින් ළමයෙකු ශ්‍රමිකයෙකු ලෙස භාවිත කරන්නේ නම් ඒ පිළිබඳ ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා ඒ පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවත් එම අධිකාරිය පවසයි.
එලෙස එලෙස බාරගන්නා පැමිණිලි සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව හා පොලීසිය සමග එක්ව අදාළ විමර්ශන කටයුතු සිදුකරන බවද එම අධිකාරිය පවසයි.
විශේෂයෙන් ළමා ශ්රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය මේ මස 12 වැනිදාට යෙදී ඇති අතර, මෙවර එහි තේමාව වන්නේ “ගැටුම් හා ආපදාවන්හි ප්‍රතිඵලයක් ලෙස ළමයින් ශ්‍රමිකයන් වීම වළක්වමු” යන්නයි. ළමා ශ්රමිකත්ව ගැටලුව තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ වැඩසටහන් කිහිපයක් මේ වනවිටත් ක්‍රියාත්මක කරමින් පවතින බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.