මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් ළමයින් වෙළෙඳාමේ යොදවන පාර්ශ්වයන් පිළිබඳ සොයාබැලීම සඳහා දිවයිනේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක් ආශ්‍රිතව විශේෂ ආවේක්ෂණ කණ්ඩායමක් යොදවා ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි.
ළමයින් පෙන්වා ඔවුන්ට දරුණු අසනීප ඇති බව පවසමින් සාමාන්‍ය ජනතාවගෙන් මුදල් එකතු කිරීමේ සිදුවීම් හා මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් ළමයින්ව වෙළෙඳාම් කටයුතු සඳහා යොදවාගැනීමේ සිදුවීම් පිළිබඳ අධිකාරිය වෙත තොරතුරු වාර්තා වී ඇති අතර,ඒ අනුව, ඒ පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ ආවේක්ෂණ කණ්ඩායමක් මෙලෙස යොදවා ඇති බව සඳහන් වේ.
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පෙන්වා දෙන්නේ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්රඥප්තිය මෙන්ම රටේ පවතින නීතිය අනුවද ළමයින් වෙළෙඳ කටයුතු සඳහා යොදවාගැනීම වරදක් වන බවයි.එසේම, ළමයින්ගේ දෙමවුපියන්ට හෝ භාරකරුවන්ට වුවද ළමයෙකු මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් වෙළෙඳාමේ යෙදවිය නොහැකි බවටද අධිකාරිය අවධාරණය කර සිටියි.
මෙම සිදුවීම් හරහා ළමයාගේ මනසට විශාල වශයෙන් අහිතකර බලපෑම් ගෙනදෙන අතර, එවැනි සිදුවීම් පිළිබඳ දැනුවත්වේ නම් ළඟම පිහිටි පොලිස් ස්ථානයට හෝ %1929^ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා දැනුම්දෙන ලෙසදජාතික ළමා ආරක්ෂක අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.