අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයකට අනුව රුපියටල් මිලියන 64000ක වියදමින් ඇරඹි ‘ළඟම පාසල - හොඳම පාසල’ බවට පත් කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකළ අංග සම්පූර්ණ ප්‍රාථමික සම්පත් මධ්‍යස්ථානයක් මොණරාගල මාළිගාතැන්න මධ්‍ය මහා විද්‍යාලයේ දී සිසු අයිතියට පත් කෙරිණි.
‘ළඟම පාසල - හොඳම පාසල’ ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරෙන මාලිගාතැන්න මධ්‍ය මහා විද්‍යාලය සඳහා වෙන් කොට ඇති මුදල රුපියල් මිලියන 52ක් වන අතර ඒ යටතේ විදුලිය,ජලය, පන්ති කාමර, පාසල් උපකරණ, ගුරුනිවාස ඇතුළු ඉදිකිරීම් රැසක් සිදුකෙරෙ. දිවයින පුරා පළාත් මට්ටමින් ක්‍රියාත්මක කර ඇති ‘ළඟම පාසල - හොඳම පාසල’ ව්‍යාපෘතිය යටතේ පාසල්වල ජලය, විදුලිය, සනීපාරක්ෂක පහසුකම් සියල්ල සම්පූර්ණ කිරීමට කටයුතු සිදුකෙරෙන අතර පාසල් 7000කට අධික ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතිය මගින් ආවරණය වේ.