හෝමාගම මහේස්ත්රාත් අධීකරණය ඉදිරිපිටදි කළහකාරි ලෙස හැසිරිම සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය විසින් සිදුකරන ලද විමර්ශන වලට අදාලව සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සැකකරුවන් අද (31දා) හදුනාගැනිමේ පෙරට්ටුවක් සඳහා හෝමාගම මහේස්ත්රාත් අධීකරණයට ඉදිරිපත් කරන බවද පොලීසිය නිකුත් කළ නිවේදනයේ වෙයි.
කමල් ශාන්ත (42), මහේෂ් ප්රසන්න (32), සේන කුමාර (36), චින්තක සෙනෙවිරත්න (32) යන සැකකරුවෝ මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.