ව්‍යාජ වීසා භාවිත කරමින් මැලේසියාවේ ක්වාලාලාම්පුර් බලා යාමට පැමිණි බංග්ලාදේශ ජාතිකයන් තිදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අද (08දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මෙම තිදෙනා පසුගිය හය වෙනිදා මිහින් ලංකා ගුවන් සේවයට අයත් එම්.ජේ 402 දරණ ගුවන් යානයෙන් බංග්ලාදේශයේ ඩකා නුවර සිට මෙරටට පැමිණ ඇත.
ඔවුන්ගේ වීසා ව්‍යාජ බවට ඇති වු සැකයක් මත වැඩිදුර පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ලේඛන පරීක්ෂා කරන නිලධාරීයට බාර දී ඇත. එම අවස්ථාවේ ඔවුන්ගේ වීසා වල ව්‍යාජ ස්ටිකරයක් අලවා ඇති බව අනාවරණය වී ඇති බැවින් තිදෙනාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇත.