ගුවන් ගමන් බලපත්‍රය විකෘති කර, ව්‍යාජ වීසා භාවිත කරමින් ඉතාලි යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික තරුණයෙකු සහ තරුණියක කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තාටුපොලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (19දා) අත්අඩංගුවට ගනු ලැබීය.සැකකාර තරුණයා මඩකලපුව ප්‍රදේශයේ පදිංචි තිස් හය හැවිරිදි පුද්ගලයෙකි. තරුණිය දහ නව හැවිරිදිය. ඇය යාපනයේ පුදුකුඩුඉරුප්පුහි පදිංචිකාරිනියකි.