ව්‍යාජ වීසා භාවිතා කරමින් තුර්කිය හරහා ගොඩබිමින් ඉතාලියට යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෙක් තුර්කියෙන් පිටවහල් කරනු ලැබ මෙරටට එවා තිබියදී කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අද(17) අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු යාපනයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි.
ඔහු පසුගිය 14 වෙනිදා එනම් සිංහල අළුත් අවුරුදු දින තම වලංගු ගුවන් ගමන් බලපත භාවිතා කරමින් තුර්කියට ගොස් ඇති බව කරන ලද විමර්ශණවලින් අනාවරණය වී ඇත. තුර්කි ගුවන්තොටුපල බලධාරීන් විසින් ඔහුගේ වීසා පරික්ෂා කරද්දී ඒවා ව්‍යාජ බව දැන ආපසු මෙරටට එවා තිබු බව පොලීසිය කියයි.
සැකකරු මෙරට සිටින ශ්‍රී ලාංකිකයෙකු හරහා රුපියල් ලක්ෂ තුනක මුදල් කොන්ත්‍රාත්තුවක් මත ඉතාලියට යාම සදහා ලියකියවිලි සකස් කරගෙන ඇති බව කරන ලද විමර්ශණවලදී අනාවරණය වී ඇත.