ව්‍යාජ ලියකියවිලි භාවිත කරමින් නීති විරෝධි ලෙස ඉතාලියට යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික තරුණයෝ තිදෙනෙක් ඩුබායි සහ කටාර් ගුවන්තොටුපළවල් වලින් පිටුවහල් කරනු ලැබ ආපසු මෙරටට එවා තිබියදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (14දා) අත්අඩංගුවට ගනු ලැබීය.
මින් එක් අයෙකු යාපනයේ පුදුකුඩුඉරුප්පුහි පදිංචි 22 හැවිරිදි තරුණයෙකි. අනෙක් දෙදෙනා යාපනයේ උඩුම්බුරායි හි පදංචි 22 සහ 28 වියේ පසුවන තරුණයෝ වෙති.