නීති විරෝධී ලෙස අල්ලා ගොඩබිමට ගෙනවිත් ප්රවාහනය කරමින් සිටි අඩි 14 ක පමණ දිගින් යුත් දුර්ලභ ගණයේ මිනිමුතු මෝරෙකු සොයා ගැනීමට වෙත්තලකේනි නාවික ආයතනයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් සමත් විය. එහිදී මෝරා ප්රවාහනය කළ පුද්ගලයන් 6 දෙනෙකු සහ ට්රැක්ටරයක් අත්අඩංගුවට ගත් අතර, පුද්ගලයන් සහ භාණ්ඩ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මුරුතන්කේනි පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලද බව නාවික හමුදාව පැවසීය.