හොරාගේ අම්මාගෙන් පේන අහන්නේ කුමනාකාරයටදැයි බැඳුම්කර කොමිසම මගින් මනාව පෙන්වා ඇතැයිවිපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මහබැංකු බැඳුම්කර ජනාධිපති කොමිසමේ වාර්තා සහ බරපතළ වංචා, දූෂණ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තා ඊයේ(23දා) පාර්ලිමේන්තුවේ සභාගතකිරීමෙන් පසු අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේබව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
“මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේදී අදාළ ඇමතිවරුන් සහ අග්‍රාමාත්‍යවරයා එයට මැදිහත්වීමේ කාර්යය පෙන්නුම්කර තිබෙනවා. මහබැංකු අධිපතිවරයාගේ මැදිහත්වීමේ ස්වභාවය සහ එම නිලධාරීන්ගේ කාර්යපටිපාටියේ දුබලතාව නිසා සේවක අර්ථසාධක අරමුදලේ කෝටි 580කට වැඩි ප්‍රමාණයකට සිදු වූ හානි පෙන්වාතිබෙනවා. සේවක අර්ථසාධක අරමුදල කියන්නේ අපේ රටේ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් විශ්‍රාම ගියවිට ලබාගන්නා මුදල. ඒමුදලෙනුයි කොටි 850ට ආසන්න මුදලක් මේ වංචාකරුවන් විසින් එක්රැස්කරගෙන තිබෙන්නේ. අපේ රටේ වංචා දූෂණවලට මොනතරම් ප්‍රබලයන් සම්බන්ධ වී තිබෙනවාද, ඔවුන්ගේ අතු විහිදී තිබෙන්නේ කුමන ආකාරයටද යන්න පිළිබඳ පැහැදිලිවම සඳහන් වෙනවා.
මෙහි වැරදිකරුවන්ට නැවත දඬුවම් ලබාදීමේ ප්‍රතිපාදන තිබෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට. නමුත් මේ සියල්ල යම් දේශපාලන ආධිපත්‍යයකට යටත් වී තිබෙනවා. හොරාගේ අම්මගෙන් පේන අහනවා කියලා කතාවක් තිබුණා. හොරාගේ අම්මගෙන් පේන අහන්නේ කවරාකාරයෙන්ද කියලා බැඳුම්කර කොමිසම හරහා පෙන්නුම්ක මින් තිබෙනවා. නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කියලා කතාවක් තිබුණා. මේ කොමිසම හරහා ඒ කතාවත් පෙන්නුම්කර තිබෙනවා*යැයි කියා සිටියේය.