(UPDATE) හොරණ රබර් කර්මාන්ත ශාලාවක ඇමෝනියම් ටැංකියකට වැටී පුද්ගලයන් 5 දෙනෙක් මිය යෑම සම්බන්ධයෙන් කරන පරීක්ෂණ අවසන් වන තෙක් එම කර්මාන්ත ශාලාව තාවකිලිකව වසා දැමීමට මධ්‍යඹ පරිසර අධිකාරිය කටයුතු කර ඇත.
හොරණ කළමනාකරු රිමාන්ඩ්
හොරණ රබර් කර්මාන්ත ශාලාවක ඇමෝනියම් ටැංකියක් ආශ්‍රිතව සිදුවූ අනතුරකින් පුද්ගලයන් පස් දෙනෙක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් එම කර්මාන්ත ශාලාවේ කළමනාකරු ලබන 25 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හොරණ වැඩබලන මහේස්ත්‍රාත් කාන්ති කංනග්ගර මහත්මිය නියෝග කළාය.මෙම අනතුරින් කර්මාන්ත ශාලාවේ සේවකයන් දෙදෙනෙක් හා ඔවුන්ව බේරා ගැනීමට පැමිණි ප්‍රදේශවාසීන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
හොරණ කළමනාකරු අත්අඩංගුවට
හොරණ, බැල්ලපිටිය රබර් කර්මාන්ත ඇමෝනියම් ගෑස් ටැංකියක් ආශ්‍රිතව සිදුවූ අනතුරකින් පුද්ගලයන් පස් දෙනෙකු මිය යෑමට අදාළව එහි කළමනාකරු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
හොරණ සිදුවීම ගැන විශේෂ පරීක්ෂණයක්
කර්මාන්තශාලා හිමියන් තම සේවකයන්ගේ ආරක්ෂාව සැමවිටම තහවුරු කළයුතු බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
අද (19දා) හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක ඇමෝනියා සහිත ටැංකියට සේවකයෙකු වැටීම පිළිබඳව පොලීසිය විශේෂ පරීක්ෂණයක් සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
සිදුකරන මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු කර්මාන්ත ශාලාවේ වරදින් මෙම කටයුත්ත සිදු වී තිබෙන බවට තහවුරු වුවහොත් ඔවුන්ට නීති මගින් කටයුතු කරන බවද පවසා සිටියේය.