හොරණ, වගවත්ත ආයෝජන කලාපයේ පිහිටි බහුජාතික සමාගමක කර්මාන්ත ශාලාවක අද (4දා) හදිසි ගිනිගැනීමකට ලක්විය.
කර්මාන්ත ශාලාවේ දත් බෙහෙත් සහ සුවඳ විලවුන් නිෂ්පාදන අංශ වල මෙම ගින්න ඇතිව තිබෙන බව වාර්තාවෙයි.
ගින්න ඇතිවන අවස්ථාවේ කර්මාන්ත ශාලාව තුළ සේවයේ නියුතුව සිටි ආරක්ෂක අංශයේ සිවු දෙනෙක් එළියට විත් දිවි ගලවාගෙන තිබේ.
ගින්න දුටු එක් ආරක්ෂක සේවකයෙක් හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් හොරණ රෝහලට ඇතුළත් කර ඇත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර සිදුවූ දේපළ හානියද තක්සේරු කර නොමැත.
හොරණ නගර සභා ගිනි නිවීමේ ඒකකය, කොළඹ නගර සභා ගිනි නිවීමේ ඒකකය, කළුතර නගර සභා ගිනි නිවීමේ ඒකකය, විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය එක්ව ගින්න මැඩපවත්වා තිබේ.
ඉංගිරිය - එන්. ප්රියදර්ශනී