හොරණ රබර් කර්මාන්ත ශාලාවක ඇමෝනියා ටැංකියක් ආශ්‍රිතව සිදුවූ අනතුරකින් පුද්ගලයන් පස් දෙනෙක් මිය යෑමේ සිදුවීමට අදාළව එම කර්මාන්ත ශාලාවේ ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරිය අත්අඩංගුට ගත් බව පොලීසිය පවසයි.
19 දා මෙම අනතුර සිදුවූ අතර ඉනෝකා සජීවනී වැලිකඩ නම් රසායනාගාර පාලකවරිය අද (21දා) සවස අත්අඩංගුවට ගෙන ඇත. සැකකරිය හෙට හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.