මහජන දේපළ කොල්ලකෑ දේශපාලනඥයන් සහ සුදු කරපටි නිලධාරීන්ව සිරගත කිරීමට විශේෂිත බන්ධනාගාරයක් ආරම්භ කිරීමට රජය අවශ්‍ය කටයුතු යොදන්නේ නම් ඊට සහය පළකරන බව ජාතික නිදහස් පෙරමුණ සඳහන් කරයි.
එම පක්ෂයේ මධ්‍යමකාරක සභික ජයන්ත සමරවීර මහතා සඳහන් කළේ තේරීමක් නොකර මහජන දේපළ සොරකම් කළ සියලුදෙනාටම දඬුවම් ලබාදීම අවශ්‍ය බවයි.
ඔවුන් සිරගත කිරීමට බන්ධනාගාරයක් ඇතිකිරීමට අදාළව පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන ලෙස හෙතෙම රජයෙන් ඉල්ලීමක්ද කළේය.