හොරකම් වංචා කළ අයට වැඩිපුර දේවල් ලැබෙන බවත්, එබැවින් තමන්ටද හොරකම් හා වංචා කිරීමට සිතෙන බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය.
සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් අද (02දා) ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“සමෘද්ධි ලාභීන්ට ලොකු සේවයක් කරන්න. සමෘද්ධිලාභීන් හැටියට වැරදියට ලබාගෙන ඇති අය ගැන විමර්ශනය කරලා හරි දේ කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා.
හොරකම් වංචා කළොත් ගොඩක් දේවල් ලැබෙනවා. එහෙම කරන්නත් හිතෙනවා. ඒ අයට තමයි වැඩිපුර හම්බවෙන්නේ ඒක වෙන්න ඇති සුදුසුකම.
ගෙනාපු සංශෝධනයට මම කැමතියි. කවුරු මොනවා කිව්වත් ගිය රජය සමග එක්ක බලද්දී මේ රජය හොඳයි. සියයට 30ක් විතර හොරු ඇල්ලුවා. අපි ගොඩක් අයට නඩු දාලා තියෙනවා” යැයි පැවසීය.