ව්‍යාජ රුපියල් 5000 මුදල් නෝට්ටු 71ක් සහ ව්‍යාජ අමෙරිකානු ඩොලර් 100 නෝට්ටු 20ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු බදුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය. අත්අඩංගුවට ගෙන ඇත්තේ 48 හැවිරිදි රාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.