ව්‍යාජ ආකාරයට අලි, ඇතුන් ළඟ තබාගෙන සිටි සහ සිටින පුද්ගලයන් තිදෙනෙකු මේ සතිය තුළදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
මෙම තිදෙනා අතරින් එක් අයෙකු අධිකරණ ක්ෂේත්රයට සම්බන්ධ නිලධාරිවෙයෙකු වන අතර, ඔහු සතුව සිටින අලියා මේ වනවිට රජයේ ආයතනයකට භාරදී ඇත.
මෙලෙස රජයේ ආයතනයකට භාරදී සිටින අලියා බැලීමට ඔහුගේ නිලබලය භාවිත කර අදාළ ස්ථානයට ගිය බවටත් අදාළ නිලධාරියාට එරෙහිව චෝදනා එල්ල වෙමින් තිබේ.
මීට අමතරව පසුගිය ආණ්ඩුවේ දේශපාලඥයන්ගේ සහයෝගය මත ක්‍රියාත්මක වූ කැලයෙන් අලි ඇතුන් අල්ලා ගැනීමේ ජාවාරම යටතේ අල්ලා ගත් අලි- ඇත් පැටවුන් 22ක් රට පුරා ස්ථාන කිහිපයක රඳවාගෙන සිටින බව පරිසර සංරක්ෂණ භාරය සඳහන් කරයි.
අදාළ අලි ඇතුන්ගෙන් අලි පැටවුන් 06 දෙනෙකු භික්ෂූන් වහන්සේලා හතර දෙනෙකු සතුව සිටින බවත්, එක් භික්ෂූන් වහන්සේ නමක් සතුව අලි පැටවුන් තිදෙනෙකු සිටින බවද එම සංවිධානයේ අධ්යක්ෂ සජීව චාමිකර මහතා සඳහන් කළේය.
පසුගිය කාලයේ සිදුවූ අලි ඇත්, පැටවුන් ජාවාරමට අනුව කැලයෙන් අල්ලාගත් ඇත් පැටවුන් දෙදෙනෙකු පසුගිය ආණ්ඩුවේ ඉහළ පෙළේ දේශපාලඥයෙකු සතුව සිටින බවත් මෙම පැටවුන් දෙදෙනා තංගල්ල ප්‍ර‘දේශයේ ඉඩමක රඳවාගෙන සිටින බවද පවසා සිටියේය.
නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ඕනෑම ආයතනයකට, නිලධාරීයෙකු මෙම අලි, ඇත්, පැටවුන් 22 පිළිබඳව සහ ඔවුන් රඳවාගෙන සිටින පුද්ගලයන් පිළිබඳව සවිස්තරාත්ම විස්තරයක් ලබාදීමට තම සංවිධානය සූදානම් බවද සජීව චාමිකර මහතා අවධාරණය කළේය.