ආරම්භ කර තිබෙන හොඳ වැඩ නතර කිරීමට අවශ්‍යතාවක් නැති බවත් එවැනි වැඩසටහන් ඉදිරියට ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය. 2015 වසරේ ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ප්රදානය අද (18) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනයන් හි පූර්ණකාලීන හා අර්ධකාලීන ජනමාධ්‍යවේදීන් සහ නිදහස් මාධ්‍යවේදීන් 145 දෙනෙකුට ශිෂ්‍යත්ව ප්රදානය සිදු කෙරිණි.
මෙම ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන 2006 වසරේ සිට ආරම්භ කර තිබෙන අතර පසුගිය වසරවලට වඩා වැඩි පිරිසකට ශිෂ්‍යත්ව ලබා දීමට හැකි වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා සාර්ථක දේශපාලඥයෙකු හෝ මාධ්‍යවේදියෙකු වීමට නම් කැපවීම, හැකියා, දක්ෂතා, උනන්දුව, අත්දැකීම්වලින් සන්නද්ධ විය යුතු බව ද සඳහන් කළේය. සාර්ථක මාධ්‍යවේදියෙකුට උකුසු ඇසත්, බූරු පිටක්, ඌරු කටක් තිබිය යුතු බව පැරණි මාධ්‍යවේදියා නව මාධ්‍යවේදියට කියා දුන් බවත් උකුසු ඇසින් විමර්ශනය, තියුණු දැනුමත් පෙන්වා දෙන බවත් ඒ මහතා පැවසීය. මාධ්‍යවේදීන්ගේ ගුණාත්මක බව වැඩිදියුණු කිරීමට සම්පූර්ණයෙන් ම අවධානය යොමු කර තිබෙන අතර එහිදී සහන මිලට යතුරු පැදි ලබාදීම, නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම යනාදී වැඩසටහන් රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙන බව ද අමාත්‍යරයා වැඩිදුරටත් පැවසීය. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා, අමාත්‍යාංශයේ ලේකම් වජිර නාරම්පනාව මහතා, ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡයාරූප - ඉසුරු පෙරේරා