ප්‍රවීණ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතා අද (05දා) සිය නිවස තුළ සිටියදී ජීවිතක්ෂයට පත් වූ අතර එම මරණය පිළිබඳ තලංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
ඒ මහතා 03 වැනි පටුමග, මිල්ලගහවත්ත, මාලඹේ පිහිටි සිය නිවසේ කාමරයක් තුළ මියගොස් සිටි අතර එම නිවසේ නිවැසියන් විසින් ඊයේ (04දා) රාත්‍රියේ සිටම දොර විවෘත නොකළ බැවින් අද දහවල් 12.00ට පමණ පරීක්ෂා කර බැලූ පොලිස් නිලධාරීන් විසින් ඔහුගේ මෘත ශරීරය සොයාගෙන තිබේ.