ඉදිරි ජනපතිවරණයේදී ජාතික හෙළ උරුමයේ සහාය පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දෙන බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
කෝට්ටේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.
පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරසේන, පාර්ලිමේනතු මන්ත්‍රී අතුරුලියේ රතන හිමි ඇතුළු පිරිසක් මේ මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටියහ.
මේ අතර පතිරූප දේශයක් උදෙසා වන ජාතික හෙළ උරුමයේ ප්‍රතිපත්ති මාලාවට හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත අනුනාහිමියන් සහ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් කළ බව ජාතික හෙළ උරුමය නිවේදනය කරයි.
ඊයේ (01දා) මධ්‍යහ්න 12.45 ට යෙදුණු සුබ මොහොතින් මෙම ගිවිසුමට එළඹි බව ජාතික හෙළ උරුමය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
.gif)
සඳමාලි වික්රමආරච්චිඅමිත් මධුරංග / ඡායාරූප ඉසුරු පෙරේරා/ ක්‍රිශාන් රණසිංහ