විශ්‍රාමික හමුදා නිලධාරීන් යොදවාගෙන ජාතික හෙළ උරුමය ඇතුළු පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන දේශපාලන පක්ෂවලට තර්ජනය කර බලපෑම් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව ජාති හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.
කෝට්ටේ සෝලිස් ශාලාවේදී අද (23දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මෙම අදහස් ප්‍රකාශ කළ පාඨලී මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඒ සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරීන් විසින් සෙබලුන් යොදවා රැස්වීම් පවත්වා තබු බවයි. එසේම මෙවැනි තත්ත්වයක් මීට ඉහතදී දක්නට නොලැබුණ බවත් ඔහු කීවේය.