විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට අමතරව රට තුළ යහපාලනයක් ඇතිකිරීම සඳහා දූෂණය හා වංචාව පිටුදැකීමට වැඩපිළිවෙළක්ද රට තුළ ක්‍රියාත්මක විය යුතු බවට ජාතික හෙළ උරුමය සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය අතර ඊයේ (26දා) සිදු වූ සාකච්ඡාවලදී කතාබහට ලක්ව තිබේ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හා ව්‍යවස්ථා සංශෝධනයත්, දේශපාලනය තුළ කාලීනව සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳවත් සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය, දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන අතර සිදුකරන සාකච්ඡාවල එක් සාකච්ඡාවක් ලෙස ඊයේ (26දා) දිනයේදී ජාතික හෙළ උරුමය සමග පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳව අවධානයට යොමු වී ඇත.
මීට අමතරව මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සඳහා ඒ වෙනුවෙන් කමිටුවක් පත්කිරීමට දෙපාර්ශ්වය අතර එකඟතාවක් ඇති වී තිබේ.
ජාතික හෙළ උරුමය සමග පැවැති සාකච්ඡාව පැය 02කට අධික කාලයක් පවත්වා තිබෙන අතර, ඒ සඳහා සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් සහ එම ව්‍යාපාරයේ නියෝජිතයන් වන ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න, නීතිඥ රවි ජයවර්ධන මහත්වරුන් සහභාගී වී ඇත.