ජාතික හෙළ උරුමය නැවත ප්‍රතිසංවිධානය කරන බව යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ ලේකම් පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂයේ කාර්යාලයේදී අද (20දා) පෙරවරුවේදී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී රණවක මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඒ සඳහා ඉදිරි කාලයේදී අවශ්‍ය කටයුතු සිදුකරන බවයි.
ඒ මහතා සමග එක්සත් යහපාලන පෙරමුණේ මහමැතිවරණයට තරග කළ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, නිරෝෂා අතුකෝරාල, සේනාධි අතුකෝරල, අමිල ප්‍රියන්ත, අජිත් සෙනෙවිරත්න යන මහත්ම මහත්මීහුද මෙහිදී අදහස් පළ කළහ.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු