ඉදිරි මහ මැතිවරණයේදී එක්ව තරග කරන්නැයි ප්‍රධාන පක්ෂ දෙකෙන්ම ජාතික හෙළඋරුමයට ඉල්ලීම් ඉදිරිපත් වී තිබෙන බව එම පක්ෂයේ මාධ්‍ය ලේකම් පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා 'අද'ට ප්‍රකාශ කළේය.
එහෙත් මේ දක්වා අවසන් තීරණයකට එළඹ නැති බව වර්ණසිංහ මහතා සඳහන් කළේය.
එක්සත් ජාතිකපක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් හා පාක්ෂිකයන්ගෙන් පසුගිය දිනවලදී මෙසේ ඉල්ලීම් ඉදිරිපත් වූ බවත්, එම පක්ෂ යටතේ තරග කරන්නැයි ඉල්ලීම්වල සඳහන්වූ බවත්ඒ මහතා කියා සිටියේය.
ජාතික හෙළ උරුමයට ඉදිරි මහ මැතිවරණයේදී ගතයුතු මාර්ග 03ක් තිබෙන බව ඔහු සඳහන් කළේය.
ඒ අනුව පක්ෂයක් ලෙස තනිවම තරග කිරීම, එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කිරීම හෝ එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සන්ධානයක් යටතේ තරග කිරීම යන අවස්ථා තිබෙන බවත්, මැතිවරණ දින වකවානු ප්‍රකාශ කළ පසු රටේ ඇතිවන දේශපාලන තත්ත්වයන් සැලකිල්ලට ගෙන කුමන අවස්ථාව තෝරාගන්නවාද යන්න තීරණය කරන බවත් වර්ණසිංහ මහතා පවසා සිටියේය.