ඉදිරි සතිය ඇතුළතදී රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා අගමැති දි.මු. ජයරත්න මහතා වෙත එන්තරවාසියක් යැවීමට ජතික හෙළ උරුමය කටයුතු කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසීය.
පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ට කළ අපහාසය සම්බන්ධයෙන් සමාවගැනීම සඳහා ලබාදුන් සති දෙකේ කාලසීමාව ඉක්මවා ගිය බැවින් මෙම එන්තරවාසිය යවන බව ඒ මහතා කීය. ඒ සඳහා මේ දිනවල නීති අංශ සමඟ සාකච්ඡා කරගෙන යන බවද වර්ණසිංහ මහතා සඳහන් කළේය.